Saturday, April 25, 2009

බස්නාහිර පළාත් ෂභා මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය

එක්සත් ජනතා නිදහස් සංධානය - ඡන්ද 1,506,115 - ප්‍රතිශතය 64.73% - ආසන 68යි
එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 688,253 - ප්‍රතිශතය 29.58% - ආසන 30යි
ජනතා විමුක්ති පෙරමුණ- ඡන්ද 56,384 - ප්‍රතිශතය 2.42% - ආසන 03යි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - ඡන්ද 49,388 - ප්‍රතිශතය 2.12% - ආසන 02යි
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය - ඡන්ද 11,970 - ප්‍රතිශතය 0.51% - ආසන 01යි
වාමාංශික පෙරමුණ - ඡන්ද 3997 - ප්‍රතිශතය 0.17%
වලංගු ඡන්ද 2,326,886යි (96.32%)
ප්‍රතික්ෂේපිත ඡන්ද 88,993 (3.68%)
ප්‍රකාශිත ඡන්ද 2,415,879
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 3,820,214

කොළඹ දිස්ත්‍රික්කය - සමස්ත ප්‍රතිඵලය

එක්සත් ජනතා නිදහස් සංධානය - ඡන්ද 530370 - ප්‍රතිශතය 57.78% ආසන 25යි
එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 327,571 ප්‍රතිශතය - 35.69% ආසන 15යි
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය - ඡන්ද 8584 - ප්‍රතිශතය 0.94% - ආසන 01යි
ජනතා විමුක්ති පෙරමුණ- ඡන්ද 21,787 - ප්‍රතිශතය 2.376 % - ආසන 01යි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - ඡන්ද 18,978 - ප්‍රතිශතය 2.07% - ආසන 01යි
වාමාංශික පෙරමුණ - ඡන්ද 3997 - ප්‍රතිශතය 0.44%
වලංගු ඡන්ද 917,915යි (95.91%)
ප්‍රතික්ෂේපිත ඡන්ද 39,120 (4.09%)
ප්‍රකාශිත ඡන්ද 957,035
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 1,560,593

ගම්පහ දිස්ත්‍රික්කය - සමස්ත ප්‍රතිඵලය

එක්සත් ජනතා නිදහස් සංධානය - ඡන්ද 624530 - ප්‍රතිශතය 69.07% ආසන 27යි
එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 236,256 ප්‍රතිශතය - 26.13% ආසන 10යි
ජනතා විමුක්ති පෙරමුණ- ඡන්ද 21,491 - ප්‍රතිශතය 2.36 % - ආසන 01යි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - ඡන්ද 18,014 - ප්‍රතිශතය 1.99% - ආසන 01යි
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය - ඡන්ද 1424 - ප්‍රතිශතය 0.16%
එක්සත් සමාජවාදී පක්ෂය - ඡන්ද 657 - ප්‍රතිශතය 0.07%
වලංගු ඡන්ද 904,190යි (96.98%)
ප්‍රතික්ෂේපිත ඡන්ද 28,170 (3.02%)
ප්‍රකාශිත ඡන්ද 932,360
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 1,458,295

සුළුතර ජාතීන් ජීවත් වන ආසනවලදී ජය එක්සත් ජාතික පක්ෂයට

සුළුතර ජාතීන් ජීවත් වන කොළඹ දිස්ත්‍රික්කයේ ආසනවලදී එක්සත් ජාතික පක්ෂය පාලක සන්ධානය පරදවමින් විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරමින් සිටිනවා. මේ මොහොත වන විට ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර තිබෙන නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, උතුරු කොළඹ, මැද කොළඹ ආසනවල ජය හිමි වී ඇත්තේ එජාපයටයි. විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් එජාපයට මේ ආසනවල හිමි වී තිබෙනවා.

කලුතර ගම්පහ ප්‍රතිඵල රැල්ලට වෙනස් එකක් කොළඹින්

කලුතර දිස්ත්‍රික්කයේ සියලු ආසනවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල ප්‍රකාශිත සියලු ආසනවලත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ඨ ජයක් වාර්තා කර තිබුණත්, ඒ රැල්ලට සපුරා වෙනස් ප්‍රතිඵලයක් කොළඹ දිස්ත්‍රික්කයේ නැගෙනහිර කොළඹ ආසනයෙන් වාර්තා වුණා.

කොළඹ දිස්ත්‍රික්කය- නැ‍ඟෙනහිර කොළඹ ආසනය

එක්සත් ජාතික පක්ෂය - ඡන්ද 18922යි. ප්‍රතිශතය- 48.72%යි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය - ඡන්ද 16890යි. ප්‍රතිශතය 43.48%යි.
ජනතා විමුක්ති පෙරමුණ - ඡන්ද 1061යි. ප්‍රතිශතය 2.73%යි.
වලංගු ඡන්ද 38841
ප්‍රතික්ෂේපිත ඡන්ද 1920
ප්‍රකාශිත මුළු ඡන්ද 40761

කළුතර දිස්ත්‍රික්කය-සමස්ත ප්‍රතිඵලය

එක්සත් ජනතා නිදහස් සංධානය - ඡන්ද 351,215 ප්‍රතිශතය 69.58% ආසන 14යි
එක්සත් ජාතික පක්ෂය- ඡන්ද 124,426 ප්‍රතිශතය 24.65% ආසන 05යි
ජනතා විමුක්ති පෙරමුණ- ඡන්ද 13,106 ප්‍රතිශතය 2.60% ආසන 01යි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - ඡන්ද 12,396යි. ප්‍රතිශතය 2.46%
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය - ඡන්ද 1962යි. ප්‍රතිශතය 0.39%
එක්සත් සමාජවාදී පක්ෂය - ඡන්ද 676යි. ප්‍රතිශතය 0.13%
වලංගු ඡන්ද 504,781යි (95.88%)
ප්‍රතික්ෂේපිත ඡන්ද 21,703 (4.12%)
ප්‍රකාශිත ඡන්ද 526,484
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 801,306

ඡන්දය දෙන්න උනන්දුව ඉතා අඩු මැතිවරණයක්

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය පවසන පරිදි බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශයට පත් වීම ඇත්තේ 56%ක මට්ටමේය.

මෙය ඉතා පහත් මට්ටමකි. ඡන්දදායක උනන්දුව ඉතා අඩු වූවා මෙන්ම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ද අවම මට්ටමක තිබිණි.